Ultimate magazine theme for WordPress.

කල් ගිය Lanka T10 තරගාවලිය පැවැත්වෙන නව දින ප්‍රකාශයට පත් කෙරේ

පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය ‌මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (26) නිවේදනය කළා.

තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

T Ten Global Sports හා Innovative production Group (IPG) සමග ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධාන කරනු ලබනවා.

මීට පෙර මෙම තරගාවලිය 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර, තරගාවලිය සදහා මෙරට ප්‍රධාන නගර කිහිපයක නම් සහිත කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ එම කණ්ඩායම් හයේ එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් හය දෙනෙකු සහිතව ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වීමට නියමිත බවයි.

මෙම තරගාවලියට සමගාමීව ලොව පුරා දක්ෂ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන Women’s T10 තරගාවලියක් ද පළමු වරට සංවිධාන කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ දී අවධානය යොමු කර තිබූ නමුත්, අද නිකුත් කළ නිවේදනයේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත්ව තිබුණේ නැහැ.

ලංකා T10 තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

” I have full confidence that this tournament will be a resounding success, contributing to Sri Lanka Cricket’s ability to stay current with the evolving trends in the game.,”

“We foresee that this event will not solely captivate cricket enthusiasts, but also serve as a catalyst for popularizing the tournament broadly.”

මේ අතර, IPG සමූහයේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මෙම තරගාවලිය සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්.

“This is a great stepping stone for us as we get to organise another exciting chapter in Sri Lankan Cricket. Our league unites the top international stars and local talent on an exciting platform for cricket enthusiasts worldwide. Together, we aim to make history and elevate the game with every thrilling match.”

TTen Global Sports හි සභාපතිවරයා වන Shaji ul Mulk ද මෙම තරගාවලිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

“We’re thrilled to bring T10 cricket to Sri Lanka, and we’re grateful to SLC for their support. This league holds added significance as it is formally endorsed by esteemed members like SLC, highlighting the credibility and excitement surrounding this new era in Sri Lankan cricket.”

Leave a comment