කමින්ස් ඩොලර් 50,000ක් ඉන්දියාවට ප්‍රදානය කරයි

ඉන්දියාවේ පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විසින් ඩොලර් 50,000ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.
මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන සෙසු ක්‍රීඩකයින්ගෙන් ද ඔහු ඉල්ලා සිටින්නේ ඒ සදහා වැඩි වශයෙන් ආධාර කිරීමට කටයුතු කරන ලෙසටයි.
විශේෂයෙන් ඉන්දියාවේ රෝහල් වෙත ඔක්සිජන් මිලදී ගැනීම සදහා මෙම ප්‍රදානය සිදු කළ බව පැට් කමින්ස් සදහන් කළා.