Ultimate magazine theme for WordPress.

කඩුලු 6ක් දවා ගත් හෝල්ඩර්ගෙන් එංගලන්තයට අනතුරු ඇගවීමක්

එංගලන්තය සමග සවුත්හැම්ටන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී කඩුලු 6ක් දවා ගැනීමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් එංගලන්තයට අනතුර ඇගවීමක් සිදු කළා.

ඒ, තමා දැක් වූ සිය හොදම පන්දු යැවීමේ දක්ෂතාවයත් සමග පිත්තෙන් ශතකයක් ද වාර්තා කිරිමට අවශ්‍ය බව පවසමින්.

දෙවැනි දිනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ජේසන් හෝල්ඩර් ලකුණු 42කට කඩුලු 6ක් දවා ගනිමින් දැක් වූ සුපිරි දක්ෂතාවය හේතුවෙන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 204කට සීමා වුණා.

“ලෝඩ්ස් ක්‍රීඩාගනයේ ගෞරවනීයන්ගේ පුවරුවට ඇතුළත් වීමටයි මට ගොඩක්ම අවශ්‍ය වුණේ. අපි ලෝඩ්ස්වල ක්‍රීඩා කරන්න නියමිතව තිබුණත් කොරෝනා වසංගතය නිසා ඒක මරු කරන්න වුණා. එංගලන්තයේ දී ශතකයක් වාර්තා කිරීමත් කඩුලු පහක් දවා ගැනීමත් මම හැම විටම උත්සාහ කරපු දෙයක්.”

යනුවෙන් ජේසන් හෝල්ඩර් සදහන් කළා.

Leave a comment