ශ්‍රී ලංකාව අභිබවා ඕස්ට්‍රේලියාව පළමු තැනට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.
ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඔවුන් ලැබූ ඉනිමක ජයත් සමගින්.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට මේ වන විට 100%ක ලකුණු ප්‍රතිශතයක් සමගින් ප්‍රසාද ලකුණු 36ක් හිමිව ඇති අතර, මෙතෙක් ඔවුන් සමග සම ලකුණු ප්‍රතිශතයකට හා ප්‍රසාද ලකුණු ප්‍රමාණයකට හිමිකම් කියමින් පළමු ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය 100%ක් වුව ද, හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන්නේ 24ක්.
7 වැනි ස්ථානයේ පසුවන එංගලන්තයේ ලකුණු ප්‍රතිශතය මේ වන විට දැක්වෙන්නේ 07.14ක් ලෙසයි.
නවතම ප්‍රසාද ලකුණු සටහන –
Australia on 🔝
Here's how the #WTC23 table is taking shape after the third #Ashes Test in Melbourne 🔢 pic.twitter.com/Nc2RcwluJz
— ICC (@ICC) December 28, 2021