Ultimate magazine theme for WordPress.

ඕෂදගේ ආබාධය ගැන දඹුල්ල කණ්ඩායමෙන් නිවේදනයක්

ADVERTISEMENT

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දුට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඔවුන් ක්‍රීඩා කරන ඉදිරි තරග 3 අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු අද(28) කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී පාදයක ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

පිතිකරණයේ නිරතව සිටියදී ඔහු මෙම ආබාධයට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ලකුණු 10ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහන් කළේ ඕෂද ප්‍රනාන්දුට සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිපල ලැබෙන තුරු ප්‍රකාශ කළ නොහැකි බව ද දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහන් කළා.

තරගයෙන් පසුව අදහස් දැක් වූ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ද කියා සිටියේ ඕෂද ප්‍රනාන්දුට මෙවර තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බවයි.

Leave a comment