Ultimate magazine theme for WordPress.

“ඔහුව දෙවැනි තරගයෙන් ඉවත් කළ යුතුයි” – ගවස්කාර්

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(19) නිමාවට පත් වුණේ ඉන්දීය පිතිකරණ අංශය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.

ඒ, දෙවැනි ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 36කට දැවී යාමත් සමගයි.

යොවුන් ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝගේ ස්ථානය සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකු ප්‍රශ්නයට නගන බවක් දක්නට ලැබෙනවා.

ඒ අතරට ඉන්දීය හිටපු නායකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් ද ඇතුළත්.

ප්‍රිත්වි ශෝ ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය අතර, දෙවැනි ඉනිමේ දී රැස් කළේ ලකුණු 4ක් පමණයි.

ඒ අනුව ඔහුව දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කළ යුතු බවයි ගවස්කාර් සදහන් කර සිටියේ.

“ප්‍රිත්විගේ පිතිකරණයේ තාක්ෂණික ගැටලු කිහිපයක් තියෙනවා. ඊළග ටෙස්ට් තරගයෙන් ඔහුව ඉවත් කළ යුතුයි” යනුවෙන් සුනිල් ගවස්කාර් සදහන් කළා.

Leave a comment