Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගාවලිය කල් දැමේ

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය කල් දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

අදාළ තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත තිබුණා.

ඒ සදහා සහභාගී වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම මස අගදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමටයි සැලසුම් කර තිබුණේ.

දකුණු අප්‍රිකාවේ මේ වන විට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකීමේ දී එරට තරග සංචාරයක නිරත වීම තුළින් ක්‍රීඩකයින්, සහාය කාර්ය මණ්ඩලය සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අවධානමකට පත් වන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අදහසයි.

 

Leave a comment