Ultimate magazine theme for WordPress.

“ඔස්ට්‍රේලියාව හා එංගලන්තයත් පාකිස්තානයට යා යුතුයි” – සංගක්කාර

ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම් ද ඉදිරියේ දී පාකිස්තානයේ තරග සංචාරවල නිරත විය යුතු බව හිටපු ශ්‍රී ලංකා නායක, මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාකිස්තානයට ගෙන යාම තවදුරටත් ශක්තිමත් කිරීම සදහා එය වැදගත් වන බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍යක් වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කෙසේ වෙතත්, දීර්ඝ පාකිස්තාන තරග සංචාර කඩිනමින් අපේක්ෂා නොකරන බවයි සංගක්කාර කියා සිටියේ.

“මම හිතන්නේ නැහැ ඔබට දැක ගැනීමට හැකි වේවි කියල නුදුරු අනාගතයේ දී තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලියක් සමග එක්දින තරගාවලියක් එක දිගට ක්‍රීඩා කරනවා” යනුවෙන් ඔහු පවසා සිටියා.

“ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කරන්න. ඔබ විවේකයක් ගන්න. ආපසු යන්න. එක්දින තරග 3ක් ක්‍රීඩා කරන්න. දීර්ඝ තරග සංචාර සදහා මෙය නිවැරැදිම අවස්ථාව නෙවෙයි.නමුත් මට විශ්වාසයි නිවැරැදි සන්නිවේදනය සහ නිසි ක්‍රියාමාර්ග තුළින් ක්‍රීඩකයින්ට පාකිස්තානයට ගිහිං හොදින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුලුවන් කියල.”

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

Leave a comment