ඔස්ට්‍රේලියාව ලකුණු 267කට සීමා වෙයි

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.(27)
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 61ක් ලබා සිටි අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 87.5ක් තුළ ලකුණු 267කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
මාර්කස් හැරිස් ලකුණු 76ක්, ඩේවිඩ් වෝනර් ලකුණු 38ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 27ක් ලබා ගත්තා.
ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු මර්නස් ලබුෂේන් එක් ලකුණකටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 16කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 4ක් දවා ගත් අතර, ඔලී රොබින්සන් හා මාර්ක් වුඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
මෙල්බර්න්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 185ක්.
ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 82ක්.
James Anderson gets the big, big wicket of Steve Smith – England are asking questions on day two! #Ashes pic.twitter.com/J1jRZDWkEQ
— cricket.com.au (@cricketcomau) December 27, 2021