Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් කෝලි ඉවත් වෙයි

ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා සිය පළමු දරු උපත වෙනුවෙන් සූදානම්ව සිටින බැවින්.

ඒ අනුව විරාට් කෝලි දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරග දෙක සදහා පමණක් ක්‍රීඩා කර, පසුව ඉන්දියාව වෙත පැමිණීමට ඉඩ ඇති බව සදහන්.

පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 17 වනදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වනවා.

බොක්සිං දින ටෙස්ට් තරගය 26 වනදා ආරම්භ වන්නේ මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී යි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන නව වසරේ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය ලෙසින් ජනවාරි 7 වනදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ද, අවසන් ටෙස්ට් තරගය ජනවාරි 15 වනදා බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් ඉන්දීය කණ්ඩායම එළඹෙන 11 වනදා එරටට ළගා වන අතර, දෙරට අතර පළමු එක්දින තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment