Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ 200කට රැකියා අහිමි වෙයි

සිය කාර්ය මන්ඩලයේ සේවකයින් 40 දෙනෙකු ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වංසගතයත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන්.

ඒ අනුව මාර්තු මාසයේ දී වත්මන් අර්බුදය ආරම්භ වූ දා සිට මේ දක්වා එරට ක්‍රිකට් ආයතනයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව 200ක් පමණ වනවා.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට ද තීරණය කර ඇති බව සදහන්.

එමෙන්ම A කණ්ඩායමේ තරග සංචාර තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය ආර්ථික අර්බුද තත්ත්වයෙන් මිදීම සදහා සිය වාර්ෂික වියදමෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40ක කප්පාදුවක් සිදු කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇති බව සදහන්.

කොරෝනා වසගංත තත්ත්වයත් සමග ක්‍රියා කළ ආකාරය, ගනු ලැබූ දැඩි තීන්දු තීරණ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කෙවින් රොබට්ස් දැඩි ලෙස විවේචනයට ද ලක් වූ අතර, අනතුරුව ඔහු පසුගිය අගහරුවාදා සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

මේ වන විට එරට ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කරන්නේ Nick Hockley.

Leave a comment