Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියාවට එරෙහි පුහුණු තරගයෙන් ඉන්දියාවට තියුණු ජයක්

Match Report

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු පුහුණු තරගය බ්‍රිස්බේන් හී දී අද (17) පැවැත් වුණා.

සත්කාරක ඔස්ට්‍රේලියාව සමග පැවැති මෙම තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 186 ක් ලබා ගත්තා. කේ එල් රාහුල් ලකුණු 57 ක් හා සූර්යකුමාර් යාදව් ලකුණු 50 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

ආරෝන් ෆින්ච් ලකුණු 76 ක් ලබා ගත්තේ පන්දු 54 කින්.

මොහමඩ් ෂාමි තරගයේ අවසන් පන්දුවාරය පමණක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 4 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉන්දියාවට තියුණු ජයක් හිමි කර දුන්නා.

Show Comments (1)