Ultimate magazine theme for WordPress.

“ඔවුන්ගේ හැසිරීම් රටාව, ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ” : මහේල

වෘත්තීමය ක්‍රීඩකයින් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින් සිය හැසිරීම් සම්බන්ධයෙන් ඔවුන් ගන්නා තීරණවල වගකීම ඔවුන් භාර ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා පවසනවා.

20යි 20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළු සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් අද යළි මෙරටට පැමිණි අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල ඒ බව සදහන් කළා.

ඒ, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කරමින්.

“අපි පාසල් ක්‍රීඩකයින් එක්ක නෙවෙයි මේ තරගාවලියන්ට යන්නේ. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් එක්ක. මම හිතන්නේ ඔවුන්ටයි ඒ වගකීම තියෙන්නේ ඔවුන්ගේ හැසිරීම් රටාව ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ. කණ්ඩායමක් විදිහට අපේ රාමුවක් තියෙනවා අපි හැසිරිය යුතු. ඒ ගැන ලොකු අවබෝධයකින් තමයි අපි තරගාවලිය පුරාම හැසිරුණේ. ඉතිං අවාසනාවකට මේ සිද්ධිය අන්තිම දවස් දෙක තුනේ තමයි වෙලා තියෙන්නේ. ගොඩක් කනගාටු වෙනවා කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් වෙනුවෙනුත් මෙවැනි දෙයක් වීම ගැන.” යනුවෙන් මහේල ජයවර්ධන සදහන් කළා.

දර්ශන පහතින් නරඹන්න –

Show Comments (1)