Ultimate magazine theme for WordPress.

ඒෂානි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා ඒෂානි ලොකුසූරියගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

පාදයක ආබාධයක් මෙම තීරණයට බලපෑ බවයි 37 හැවිරිදි ඇය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කළේ.

2005 වසරේ දී යි ඒෂානි ලොකුසූරියගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ.

ඇය එක්දින ජාත්‍යන්තර තරග 89කට හා 20යි 20 ජාත්‍යන්තර තරග 68කට ක්‍රීඩා කර තිබෙනවා.

2013 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය හා ඉන්දියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව දැක් වූ සුපිරි දක්ෂතාවලට ඇයගෙන් ලද දායකත්වය ද සුලු පටු නොවේ.

ජාත්‍යන්තර තරග පිටියෙන් සමු ගත්ත ද තමා තවදුරටත් දේශීය තරග සදහා ක්‍රීඩා කරන බවයි ඒෂානි ලොකුසූරියගේ කියා සිටියේ.

Leave a comment