Ultimate magazine theme for WordPress.

එළඹෙන ඉන්දීය තරගාවලියට ඔස්ට්‍රේලියාවෙන් ආදිවාදී ඇදුමක්

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අදිනු ලබන ඇදුම අද(11) එළිදැක්වුණා.

එහි විශේෂත්වය වන්නේ අදාළ ඇදුම එරට ස්වදේශීයත්වයට මුල්තැන දෙමින් නිර්මාණය කර තිබීමයි.

ස්වදේශීය ඔස්ට්‍රේලියානුවන් (ආදිවාසීන්) සිහිපත් කිරීම සහ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීම දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

මීට පෙර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ද මෙවැනි ඇදුමකින් සැරසී එංගලන්තයට එරෙහි ජාත්‍යන්තර තරගාවලියක් සදහා ක්‍රීඩා කර තිබුණා.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 4 වනදා කැන්බරාහී දී පැවැත්වීමට නියමිතයි.

ඊට පෙර තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වනු ඇති.

cricket australia
Leave a comment