Ultimate magazine theme for WordPress.

එස්.එස්.සී සහ යුද හමුදාව අවසන් තරගයට

ADVERTISEMENT

අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එස්.එස්.සී සහ යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් වුණා.

ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව වටයේ දී පිළිවෙලින් සී.සී.සී සහ කුරුණෑගල තරුණ කණ්ඩායම් පරාජයට පත් කරමින්.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන සෙනසුරාදා (20) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇති.

එස්.එස්.සී. – සී.සී.සී තරගය :

එස්.එස්.සී. : 159/4 – අවිෂ්ක ප්‍රනාන්දු 65, නිපුන් ධනංජය 34, මාලින්ද පුෂ්පකුමාර 33/2

සී.සී.සී. : 127/10 (19.3) – රොන් චන්ද්‍රගුප්ත 55, අශාන් ප්‍රියන්ජන් 21, ප්‍රභාත් ජයසූරිය 16/3, හිමේෂ් රාමනායක 23/2 තරිඳු රත්නායක 29/2, ජෙෆ්රි වැන්ඩර්සි 17/2

යුද හමුදාව – කුරුණෑගල තරුණ තරගය :

කුරුණෑගල තරුණ : 114/6 (20) – ළහිරු ජයරත්න 34*, රන්දීර රණසිංහ 28*, ජනිත් සිල්වා 15/3

යුද හමුදාව : 120/1 (11.4) – සික්කුගේ ප්‍රසන්න 50*, අෂාන් රන්දික 54 *

Leave a comment