Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 90ක් කැමැත්ත පල කරයි

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ පැවැත්වීම සදහා රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාළ තරගාවලිය අගෝස්තු 8 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 5ක්.

සියලු තරග ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එක් කණ්ඩායමක් සදහා තරගයකදී ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්.

මේ වන විටත් විදෙස් ක්‍රීඩකයින් 90 දෙනෙකු පමණ තරගාවලියට එක්වීමට කැමැත්ත පල කර ඇති බවයි NewsWire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කර ඇත්තේ.

Leave a comment