Ultimate magazine theme for WordPress.

එක්සත් අරාබි පිලේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7 දක්වා ඉහළට

තවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත වූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අත්හිටුවීමටයි පියවර ගැණුනේ.

මීට පෙර ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

තෙවැනි ක්‍රීඩකයාට වෛරසය ආසාදනය වූ බව අණාවරනය වීමත් සමග පසුගිය 10 වැනිදා පැවැත්වීමට නියමිත වූ තරග 4කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලබන 16 වනදා දක්වා කල් දැමීමට ද කටයුතු කෙරුණා.

තරගාවලියේ ඉදිරි තරග පවත්වන ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු වන බව සදහන්.

Leave a comment