Ultimate magazine theme for WordPress.

එක්සත් අරාබිය හමුවේ ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්

Match Report

ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ කඩුලු 2 ක අනපේක්ෂිත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(11) සිදු වුණා.

ඩුබායි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 220 ක් ලබා ගත්තා.

දිනුර කලුපහන නොදැවී ලකුණු 56(87) ක් රැස් කළේ හතරේ පහර 2ක් ද සමගින්. නායක සිනෙත් ජයවර්ධන ලකුණු 49 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Omid Rehman හා Aayan Afzal Khan කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් යොවුන් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 10 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

Tanish Suri ලකුණු 75 ක් ලබා ගත් අතර, නායක Aayan Afzal Khan ලකුණු 33 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගරුක සන්කෙත් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තා. විශ්ව ලහිරු කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 28 ක් ලබා දෙමින්.

මෙවර ආසියානු යොවුන් කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් පසුගියදා ජපානයට එරෙහිව කඩුලු හතක ජයක් වාර්තා කළා.

Leave a comment