Ultimate magazine theme for WordPress.

එංගලන්ත ලෝක කුසලාන සංචිතයටත් වෙනසක්

වේග පන්දු යවන ක්‍රීඩක ටිමාල් මිල්ස් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට නම් කර තිබෙනවා.

ආබාධයකට ලක් වූ රීස් ටොප්ලි වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කිරීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මෙම ආදේශ කිරීම සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද අද හිමි වුණා.

ටිමාල් මිල්ස් මේ වන විටත් එංගලන්ත සංචිතය සමග ඔස්ට්‍රේලියාවේ රැදී සිටිනවා.

මේ අතර, ඔස්ට්‍රේලියානු පිතිකරු ජොෂ් ඉන්ග්ලිස් සිඩ්නි නුවර රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක අතක සිදු වූ ආබාධයක් හේතුවෙනුයි ඔහුව එලෙස රෝහල් ගත කර ඇත්තේ.

Show Comments (1)