Ultimate magazine theme for WordPress.

මොයීන් අලීගෙන් එංගලන්ත පුහුණුකරු සමාව ඉල්ලයි

එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලීගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ, මොයීන් අලී ඉන්දියාවට එරෙහි අවසන් ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා නොකර යළි සියරට බලා පිටත්ව යාම සම්බන්ධයෙන් වැරැදි සන්නිවේදනයක් සිදු වීම සම්බන්ධයෙන්.

දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව නායක ජෝ රූට් සදහන් කළේ මොයීන් ගෙදර යාම තෝරා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, සැබවින්ම එම තීරණය මොයීන් අලී ගත් තීරණයක් නොවන අතර, එය එංගලන්ත කළමණාකාරීත්වය විසින් ගෙන තිබූ තීරණයක්.

වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට ඇති බැවින් එංගලන්ත තේරීම් කමිටුව විසින් සිය ක්‍රීඩකයින් විවේක ගැන්වීමට නිරතුරුවම කටයුතු කරනු ලබනවා.

“ඔහුව පිටත් කර හැරීම අප විසින් ගත් තීරණයක්. එම තීරණය අපට අයිතියි” යනුවෙන් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කළා.

Leave a comment