Ultimate magazine theme for WordPress.

එංගලන්ත තරගාවලියේ විස්තර විචාරකයින් සහ විකාශන නාලිකා නිවේදනය කෙරේ

සංචාරක එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විකාශන අයිතීන් හිමි නාලිකා අද නිල වශයෙන් නිවේදනය කෙරුණා.

ඒ අනුව තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාවට හිමිව ඇති අතර, ගුවන් විදුලි විකාශන අයිතිය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටයි.

බ්‍රිතාන්‍ය තුළ අදාළ ටෙස්ට් තරගාවලියේ විකාශන කටයුතු ස්කයි ස්පෝර්ට් නාලිකාව විසින් සිදු කරනු ඇති.

මේ අතර, තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ද අද නිවේදනය කෙරුණා.

ඒ අනුව රොෂාන් අබේසිංහ, රසල් ආනල්ඩ්, Simon Doull, Owais Shah, Mark Butcher යන අය ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙස මෙම තරගාවලියේ දී කටයුතු කිරීමට නියමිතයි.

විකාශන අයිතීන් හිමි නාලිකා –

Sky Sports – UK
BBC – UK (Radio)
Sri Lanka Rupavahini Corporation ( Channel Eye) – Sri Lanka
Sri Lanka Broadcasting Corporation ( Radio ) – Sri Lanka
Sri Lanka Cricket YouTube Channel – Sri Lanka
Mobile Streaming in Sri Lanka – Dialog
Sony Ten 2 – India
Ten Cricket – Sri Lanka
Willow – US
Super Sports – South Africa and Sub Saharan Africa

Leave a comment