Ultimate magazine theme for WordPress.

එංගලන්ත ටෙස්ට් සංචිතයට ලිවින්ග්ස්ටන් කැදවයි

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය අද (12) නිවේදනය කෙරුණා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා ලියම් ලිවින්ග්ස්ටන් හා විල් ජැක්ස් නම් කර තිබීම විශේෂත්වයක්.

පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් මෙම සංචාරය සදහා නම් කර නැහැ.

ඇලෙක්ස් ලීස් හා මැතිව් පොට්ස් සංචිතයෙන් ඉවත් කිරීමටයි තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ.

කීටන් ජෙනින්ග්ස් හා බෙන් ඩකට් ද යළි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

දෙසැම්බර් මාසයට යෙදී ඇති එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

England squad:

Ben Stokes (c), James Anderson, Harry Brook, Zak Crawley, Ben Duckett, Ben Foakes (wk), Will Jacks, Keaton Jennings, Jack Leach, Liam Livingstone, Jamie Overton, Ollie Pope, Ollie Robinson, Joe Root, Mark Wood

Show Comments (1)