Ultimate magazine theme for WordPress.

බ්‍රෝඩ්ගේ පියා එංගලන්ත ක්‍රීඩකයින්ට 40%ක දඩ ගසයි

එංගලන්තය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන්.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට නියමිත කාලය තුළ පන්දුවාර දෙකක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

ටෙස්ට් තරගයකදී පැයක කාලයක් තුළ පන්දුවාර 15ක් යැවීම පන්දු රකින කණ්ඩායම විසින් සිදු කළ යුතුයි.

තරගයකදී නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සදහා ම අදාළ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ පැනවීමක් සිදු කෙරෙනවා.

ඊයේ(6) නිමා වූ එංගලන්ත – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ගේ පියා වන ක්‍රිස් බ්‍රෝඩ් විසින් මෙම දඩ පැනවීම සිදු කර තිබෙනවා.

නායක රූට් වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Leave a comment