Ultimate magazine theme for WordPress.

එංගලන්ත ක්‍රිකට් වසන්තයට දින නියම වෙයි

2020 එංගලන්ත ප්‍රාන්ත තරග වාරය අගෝස්තු පළමු වැනිදා ආරම්භ කරන බව එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් ආයතනය පවසනවා.

ලබන මස මුලදී මේ සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ 18 අතර පවතින රැස්වීමකදී තවදුරටත් සාකච්ඡා කර අවසන් තීන්දු තීරණවලට එළඹෙන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව නව තරග කාලසටහන ද ප්‍රකාශයට පත් කෙරුණු ඇති.

ප්‍රාන්ත කාන්තා තරගාවලි ආරම්භය පිළිබද තවදුරටත් සාකච්ඡා සිදු වන බව සදහන්.

මෙවර ප්‍රාන්ත තරග වාරය අප්‍රේල් 12 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමීමටයි තීරණය කෙරුණේ.

Leave a comment