Ultimate magazine theme for WordPress.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

කල් දැමීමට සිදු වූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන මාසයේ දි (ජනවාරි) පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(9) තහවුරු කළා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලබන 3 වනදා දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණෙන බව සදහන්.

දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගය ජනවාරි 14 වනදා ද, දෙවැනි තරගය ජනවාරි 22 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටයට ද අයත් වන අතර, එය පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමීමට කටයුතු කෙරුණා.

Leave a comment