Ultimate magazine theme for WordPress.

එංගලන්ත කණ්ඩායමේ ගිම්හාන තරග වාරය හෙටින් ඇරඹේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(2) ආරම්භ වනවා.

තරගය ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

ජූනි 18 වනදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම ඒ සදහා පෙරපුහුණුවක් වශයෙන් මෙම තරගාවලිය යොදා ගනු ඇති.

මොයීන් අලී, ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටව්, සෑම් කරන් සහ ක්‍රිස් වෝක්ස් යන එංගලන්ත ක්‍රීඩකයින් මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි එරට ක්‍රිකට් බළධාරීන් තීරණය කර ඇත්තේ.

ඔවුන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වී යළි සියරට පැමිණ නිරෝධායනයට ද ලක් වූ බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන්.

බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් එංගලන්ත සංචිතයට නම් කර නැහැ.

එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරගාවලියක් නොවන අතර, එය ඉදිරි ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) සදහා ද ඇතුළත්ව තිබූ තරගාවලියක් නොවේ.

එංගලන්ත කණ්ඩායමේ මෙවර ගිම්හාන තරග සමය ද මෙම ටෙස්ට් තරගාවලියත් සමග ආරම්භ වනවා.

මෙවර ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකාවට, පාකිස්තානයට සහ ඉන්දියාවට එරෙහි ද තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment