Ultimate magazine theme for WordPress.

එංගලන්ත උප නායකත්වය බ්‍රෝඩ්ට; පළමු තරගයේ දී දෙදෙනෙකුට ටෙස්ට් වරම්

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් පත් කර තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග අද(2) ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන්.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ බෙන් ස්ටොක්ස්.

කෙසේ වෙතත්, ආබාධයක් හේතුවෙන් ඔහු මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

මේ අතර මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් James Bracey ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම නවසීලන්තය වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ ද පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගනු ඇති.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment