Ultimate magazine theme for WordPress.

එංගලන්තය වසර 16කට පසු පාකිස්තානයට

වසර 16කට පසු පාකිස්තාන තරග සංචාරයකට එක්වීමට එංගලන්ත කණ්ඩායම සූදානම් බව අද(18) නිල වශයෙන් තහවුරු කෙරුණා.

ඒ අනුව ඔවුන් ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී 20යි 20 තරග 2ක් ක්‍රීඩා කිරීම සදහා පාකිස්තානයට පැමිණෙනු ඇති.

එම තරග දෙකම කරච්චි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලානයට පෙරහුරුවක් වශයෙන් ද එම තරග දෙක යොදා ගැනෙනු ඇති.

මීට පෙර පාකිස්තානය විසින් එංගලන්තයට ආරාධනා කර තිබුණේ අදාළ තරගාවලිය සදහා ලබන ජනවාරි මාසයේ දී එරටට පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට එංගලන්ත ක්‍රීඩකයින් රැසක් එක්ව සිටීම හේතුවෙන් අදාළ තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇති බව සදහන්.

මේ අනුව එංගලන්ත කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින දෙකකට පෙර පාකිස්තානයට ළගා වන බවත්, 20යි 20 තරග දෙක ඔක්තෝබර් 14 සහ 15 යන දිනයන්හී දී පැවැත්වෙන බවත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

20යි 20 ලෝක කුසලානයට සහභාගී වීම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම ඉන්දියාවට පිටව යන්නේ ඔක්තෝබර් 16 වනදායි.

Leave a comment