Ultimate magazine theme for WordPress.

එංගලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට

ADVERTISEMENT

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට එංගලන්තය සමත්ව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ඔවුන් ලැබූ ලකුණු 113ක ජයත් සමගින්.

ඒ අනුව මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ නවසීලන්තයට මේ වන විට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

එංගලන්තයට ප්‍රසාද ලකුණු 186ක් හිමිව ඇති අතර, නවසීලන්තය ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 180ක්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

තරග 9කට ක්‍රීඩා කර තරග 7ක් ජය ගෙන ඇති ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 360ක්.

ප්‍රසාද ලකුණු 296කට හිමිකම් කියන ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාවට මෙහි හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහන –

ICC
Leave a comment