Ultimate magazine theme for WordPress.

එංගලන්තය ලකුණු 99ක් පිටුපසින් – Day 3 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සවුත්හැම්ටන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(10) නිමා වුණා.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබා සිටි අතර, ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 318කට සීමා වුණා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 65ක් සහ ශේන් ඩවුරිච් ලකුණු 61ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නායක බෙන් ස්ටොක්ස් කඩුලු 4ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 204ක් පමණයි.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 43යි.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 6ක් සහ ෂැනොන් ගෙබ්‍රියල් කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට සිය දෙවන ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 99ක්.

Leave a comment