Ultimate magazine theme for WordPress.

එංගලන්තය තේරීම් කමිටු ක්‍රමවේදය අහෝසි කරයි

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය ජාතික පිරිමි කණ්ඩායම් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවැති ජාතික තේරීම් නිළධාරී ධූරය (national selector) අවලංගු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ වෙනුවට ජාතික පිරිමි සංචිත තේරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් වෙත පවරා තිබෙනවා.

ඒ අනුව ජාතික තේරීම් නිළධාරීවරයා ලෙස 2018 වසරේ සිට මේ දක්වා කටයුතු කරන Ed Smith මෙම මාසය අවසානයේ දී සිය ධූරයෙන් ඉවත් වීමට නියමිතයි.

ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම තේරීම කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු එක්ව සිදු කරනු ඇති.

Leave a comment