Ultimate magazine theme for WordPress.

එංගලන්තය ජනවාරි 3 වනදා දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමීමට සිදු වූ එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි 14 වනදා ආරම්භ වීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කර ඇත්තේ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට එක්වීම සදහා එංගලන්ත කණ්ඩායම ජනවාරි 3 වනදා දිවයිනට පැමිණෙනු ඇති බවයි.

දෙවන ටෙස්ට් තරගය ජනවාරි 23 ආරම්භ වීමට නියමිත අතර, තරග දෙකම ගාල්ලේ දී පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, තරගාවලිය සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් ආයතන මෙතෙක් විධිමත් ගිවිසුමකට එළඹ නොමැති අතර, ලබන සතියේ දී තවදුරටත් මේ සම්බන්ධයෙක් සාකච්ඡා පැවැත්වෙන බව සදහන්.

එංගලන්ත ක්‍රීඩකයින්ගේ නිරෝධායන කාලසීමාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇති.

පසුගිය මාර්තු මාසයේ දී පැවැත්විමට නියමිතව තිබූ මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

Leave a comment