Ultimate magazine theme for WordPress.

එංගලන්තයේ සුපිරි පිතිහරඹය වැස්සට සේදෙයි

Match Report

එංගලන්තය හා සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි. තරගාවලියේ පළමු තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

බ්‍රිස්ටල් හි පැවැති තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 31 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 280 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ඩකට් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 78 කින් නොදැවී ලකුණු 107 ක් රැස් කළා. හයේ පහර 2ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

පිල් සෝල්ට් ලකුණු 61 ක් රැස් කළේ පන්දු 28 ක් පමණක් වැය කරමින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින්. නායක සැක් ක්‍රව්ලි ලකුණු 51 (42) යි.

පන්දු යැවීමේ දී ක්‍රෙයිග් යන්ග් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Leave a comment