එංගලන්තයට නව පුහුණුකරුවන් තිදෙනෙක් – පිතිකරණ පුහුණුකාරධූරය ට්‍රෙස්කොතික්ට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාර්කස් ට්‍රෙස්කොතික් පත් කර තිබෙනවා.
ඒ අනුව මාර්තු මැද භාගයේ දී ඔහු අදාළ ධූරයේ වැඩ භාර ගනු ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ට්‍රෙස්කොතික් මේ වන විට සමර්සෙට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ද කටයුතු කරන අතර, නව පත් වීම හේතුවෙන් ඔහු අදාළ ධූරයෙන් ද ඉල්ලා අස් වීමට නියමිතයි.
මේ අතර, ජෝන් ලුවිස් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ද පත් කර තිබෙනවා.
ඊට අමතරව ජීටන් පටෙල් (Jeetan Patel) එංගලන්ත කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ද පත් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ.