Ultimate magazine theme for WordPress.

එංගලන්තයට එරෙහි දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20යි 20 තරගාවලි වෙනුවෙන් වන දකුණු අප්‍රිකා සංචිතය අද(6) ප්‍රකාශයට පත් කෙරුණා

ක්වෙන්ටන් ඩී කොක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා ද කැදවා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහුට අවසන් වරට දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ සීමිත පන්දුවාර තරගාවලිය (ඉන්දියාවට එරෙහිව) ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Glenton Stuurnman පළමුවරට ජාතික සංචිතය සදහා නම් කර තිබීම ද විශේෂත්වයක්.

එළඹෙන එංගලන්ත තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී මාස 8කට පමණ පසුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියයි.

ඊට 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් අතර, පළමු 20යි 20 තරග ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

South Africa squad:

Quinton de Kock (c), Temba Bavuma, Junior Dala, Faf du Plessis, Bjorn Fortuin, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Keshav Maharaj, Janneman Malan, David Miller, Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Lutho Sipamla, Jon-Jon Smuts, Glenton Stuurman, Pite van Biljon, Rassie van der Dussen, Kyle Verreynne

ALSO READ : දකුණු අප්‍රිකාවට එරෙහි එංගලන්ත සංචිත නම් කෙරේ – ආචර්ට සහ ස්ටොක්ස්ට විවේකයක්

Leave a comment