Ultimate magazine theme for WordPress.

එංගලන්තයට එරෙහිව හෙට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය හෙට (14) පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දිගු විරාමයකට පසුව මෙරටදී ආරම්භ වන ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන්නේ ද මෙම තරගාවලියයි.

නිමා වූ දකුණු අප්‍රිකා සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ බැවින්, යළි ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී උත්සාහ කරනු නිසැකය.

දකුණු අප්‍රිකා තරගාවලියට සහභාගී නොවූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කරමින් ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිතයක් නම් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

දකුණු අප්‍රිකා තරගාවලියේදී ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත් කෙරුණු ද, ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම තරගාවලියේ දී හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙට දිනයේදී ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට මෙසේ විය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

01. Dimuth Karunartne (c)
02. Kusal Janith Perera
03. Lahiru Thirimanne
04. Dinesh Chandimal
05. Angelo Mathews
06. Niroshan Dickwalla (wk)
07. Dasun Shanaka
08. Wanindu Hasaranga
09. Dilruwan Perera
10. Lasith Embuldeniya
11. Suranga Lakmal

Leave a comment