Ultimate magazine theme for WordPress.

“ඌව ප්‍රිමියර් ලීග් T20 තරගාවලියට ක්‍රිකට් ආයතනයේ සම්බන්ධයක් නැහැ” – SLC

ඌව ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය නමින් වන කිසිදු තරගාවලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රිකට් ආයතනයට අනුබද්ධ කිසිදු ආයතනයක් දැනුවත්ව නොමැති බවත්, ඊට තම ආයතනයේ සම්බන්ධයක් නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ එවැනි තරගාවලියක් බදුල්ල ක්‍රීඩාංගනයේ දී පසුගිය 29 වනදා සිට ආරම්භ වී ඇති බවට ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇති බවයි.

Monaragala Hornets, Unilions Mahiyanganaya, Badulla Sea Eagles සහ Wellawaya Vipers යන නම්වලින් වන කණ්ඩායම් 4ක් මෙම තරගාවලියට එක්ව ඇති බව සදහන්.

තරගාවලිය සදහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක් එක්වන බවටයි තොරතුරු වාර්තා කර තිබුණේ.

එහි තරග කිහිපයක් ද මේ වන විට පවත්වා ඇති නමුත් පසුව තරගාවලිය කල් දැමීමට කටයුතු කර ඇති බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත්, එවැනි කිසිදු තරගාවලියක් පවත්වා නොමැති බවත්, ඉදිරියේ දී එවැනි තරගාවලියක් නොපැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

තරගාවලියට එක් වන බවට වාර්තා පල වූ කණ්ඩායම්වල සංචිත –

Monaragala Hornets – Tilakratne Dilshan (c), Ajith Ekanayake (wk), Kasun Senanayaka, Binura Fernando, Sriyaan Wijeratne, Chethan De Silva, Dhyan Ranatunga, Chamind Silva, Imesh Udayanga, Chaturanga Kumara, Pradeep Witharana, Nishan Mendis, Umesh Karunaratne, Mark Nawanjaya, Sachithra Serasinghe

Unilions Mahiyanganaya – Thilan Tushara (c), Hareen Silva, Manela Udrwatte, Anurudda Rayapaksa, Malinda Lokundttige, Kavidu Gunarathne (wk), Sdnal Elwalage, Sriyaan Chandimal, Hasanjith Munaveera, Amal Anapanu, Bathya Jayasuriya, Nisal Perera, Ganuka Herath, Nuwan Pushpakumara, Suranga Wikramasinghe

Badulla Sea Eagles – Farveez Maharoof (c), Shehan Ranathunga, Nilanka Jayawardhana, Pardeep Samaraweera, Chaturanga Dissanayaka, Lahiru Udhesh, Gayan Lakshan, Navinda Imalka, Sameera Tharanga (wk), Chanaka Mendis, Rohan Pathirana, Niroshan Chaturanga, Yashtha Madhusanka, Vishwa Karunaratne, Dasun Shanaka

Wellawaya Vipers – Ajantha Mendis (c), Rashmina Kesara, Lahiru Maduwantha, Chathura Manaranga, Sandun Dushmantha, Chandana Lakmal, Achintha Eranda, Adithya Siriwardhana (wk), Anith Bandasa, Akila Dushyentha, Amila Senadeera, Amila Thusara, Anjana Lakshan, Pavan Edirisinghe, Gayan Chathurange

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Leave a comment