Ultimate magazine theme for WordPress.

උස්මාන් කවාජා සිව්වැනි අලුබදුන ටෙස්ට් තරගයට

එංගලන්තය සමග පැවැත්වෙන සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නායක පැට් කමින්ස් විසින් අද(4) තහවුරු කළා.

ඒ අනුව තෙවැනි තරගය සදහා ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදු කර ඇත්තේ එක් වෙනස්කමක් පමණයි.

කොවිඩ් 19 ආසාදනය වූ ට්‍රැවිස් හෙඩ් මෙම තරගයට ක්‍රීඩා නොකරන බැවින් ඔහු වෙනුවට උස්මාන් කවාජා කණ්ඩායමට කැදවා තිබෙනවා.

ආබාධවලට ලක් වූ ජොෂ් හේසල්වුඩ් හා ජයි රිචර්ඩ්සන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් තෙවැනි තරගයේ දී සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ස්කොට් බෝලන්ඩ් සිව්වැනි තරගය සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය හෙට(5) සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

සත්කාරක ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරග 3-0ක් ලෙස තරග 5කින් යුත් අලුබදුන තරගාවලියේ ශූරතාවය ජය ගෙන අවසන්.

Leave a comment