Ultimate magazine theme for WordPress.

උමේෂ් යාදෙව් යළි ඉන්දියාවට

ADVERTISEMENT

ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයේ සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් යළි ඉන්දියාව බලා පැමිණ තිබෙනවා.

ඒ, නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

එම ආබාධය නිසා ඔහුට තෙවැනි සහ සිව්වන ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවටයි වෛද්‍ය පරීක්ෂණවලින් අණාවරණය වූයේ.

ඒ අනුව උමේෂ් යාදෙව් ඉන්දියාවට පැමිණ ඇති අතර, ඔහු ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී සිය ආබාධය සුව කර ගැනීම වෙනුවෙන් පුනරුත්තාපන කටයුතුවල නිරත වනු ඇති.

යාදෙව් වෙනුවට ටී.නටරාජන් ටෙස්ට් සංචිතයට එක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

මීට පෙර මොහොමඩ් ෂාමි ද ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරුණා.

Leave a comment