Ultimate magazine theme for WordPress.

උමාර් ගුල් ක්‍රිකට් පිටියට සමු දෙයි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබෙනවා.

ඒ, පාකිස්තාන ජාතික 20යි 20 කුසලානයේ දී ඔහු නියෝජනය කළ කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වීමත් සමගයි.

36 හැවිරිදි උමාර් ගුල් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 47කට, එක්දින තරග 130කට සහ 20යි 20 තරග 60කට ක්‍රීඩා කර තිබුණා.

2003 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් ඔහු ටෙස්ට් කඩුලු 163ක්, එක්දින කඩුලු 179ක් සහ 20යි 20 කඩුලු 85ක් බිද හෙලනු ලැබුවා.

උමාර් ගුල් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2016 වසරේ දී යි.

Leave a comment