උපන්දිනය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ද එකතු කරගනිමින් තිරිමාන්න කල උතුම් පුන්‍යකර්මය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්නගේ තිස් එක්වන උපන් දිනය පසුගිය නව වනදාට යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් පවත්වන ලද උපන්දින සැමරුම ඉතාමත් සුවිශේෂී එකක් බවට පත්ව තිබුණේ ලක්ෂ ගණන් වැය කර කා බී ප්‍රීති ප්‍රමෝද වන උපන්දින සාදයන්ගෙන් එය වෙනස් වූ නිසායි.
තම පවුලේ ආදරණීයන් මෙන්ම සහෘද ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ද සහභාගී කරවා ගනිමින් සිය උපන්දිනය නිමිත්තෙන් ගරුතර සංඝරත්නයට දානමය පිංකමක් සිදු කිරීමට ළහිරු තිරිමාන්න කටයුතු කර තිබුණා.
පුහු ආටෝපයට හැල්මේ දුවන සමාජයට මෙය මහගු ආදර්ශයක් වනු නොඅනුමානයි.
එම අවස්ථාවට අදාළ ඡායාරූප පහතින් –