Ultimate magazine theme for WordPress.

“ඉවත් කිරීම ගැන කළකිරීමෙන්, තරහෙන් සහ කම්පනයෙන් ඉන්නේ” – ස්ටුවට් බ්‍රෝඩ්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් තමන්ව ඉවත් කිරීම සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් සිය නොසතුට පල කර තිබෙනවා.

ඔහු සදහන් කර ඇත්තේ තමා එම තීරණයෙන් කළකිරීමට සහ කෝපයට පත්ව සිටි බවයි.

ස්කයි ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

“මම ගොඩක් චිත්තවේගී පුද්ගලයෙක් නෙවෙයි. නමුත් පසුගිය දින කිහිපය ගොඩක් අමාරු කාලයක් වුණා.”

යනුවෙන් ඔහු කියා සිටියා.

“මම කළකිරීමෙන්, කෝපයෙන් සහ කම්පනයෙන් ඉන්නෙ. ඒක තේරුම් ගන්න අමාරුයි. පසුගිය වසර කිහිපයේ දී මම සමහරවිට දක්වා ඇත්තේ මගේ හොදම දක්ෂතාවය වෙන්න පුලුවන්.”

ඔහු සිය රටේ පැවැත්වෙන ටෙස්ට් තරගයක් සදහා මෙලෙස ක්‍රීඩා නොකරන්නේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්.

Leave a comment