Ultimate magazine theme for WordPress.

චමින්ද වාස් ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පසුගියදා පත් කෙරුණු  චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මාර්තු 26  වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ද චමින්ද වාස් සහභාගී නොවන බව සදහන්.

මේ වන විට මුළු ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පෞද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව වගකීම් විරහිත අයුරින් හදිසියේම ඔහු ධුරයෙන් ඉවත්වීම කණගාටුවට කරුණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

Leave a comment