Ultimate magazine theme for WordPress.

ඉන්දු – ශ්‍රී ලංකා යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහා තරගය නරඹන්නේ මෙහෙමයි

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(31) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඉන්දීය යොවුන් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙතෙක් කිසිදු යොවුන් ආසියානු කුසලාන තරගාවලියක ශූරතාවය දිනා නොමැති බැවින් මෙම තරගය සදහා ශ්‍රී ලංකාව තරග වදින්නේ ඉතිහාසයේ පළමු වරට යොවුන් ආසියානු කුසලානයක් ජය ගැනීමේ අපේක්ෂාවෙන්.

ඔවුන් අවස්ථා 4කදී අනුශූරතාවය දිනා ඇති අතර, එම අවස්ථා හතරේ දී ම ශූරතාවය දිනා ගත්තේ ඉන්දියාවයි.

ඉන්දීය යොවුන් කණ්ඩායම මේ වන විට යොවුන් ආසියානු කුසලාන තරගාවලි 7ක ශූරතාවය දිනා ගෙන තිබෙනවා.

මෙවර තරගාවලියේ මෙතෙක් පැවැති සියලු තරග සජීවීව විකාශය කිරීමට කටයුතු නොකළ ද, අවසන් මහා තරගය ස්ටාර් ස්පෝර්ට්ස් මාධ්‍ය ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

ඒ අනුව අවසන් තරගය Star Sports 1/1 HD හා Star Sports Select 2/2 HD යන නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.

Leave a comment