Ultimate magazine theme for WordPress.

ඉන්දු-දකුණු අප්‍රිකා පළමු 20යි 20 තරගය වැස්සට සේදෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අත්හැර දැමීමට ඉරිදා(10) සිදු වුණා.

ඩර්බන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය අත්හැර දැමීමට සිදු වුණේ කාසියේ වාසිය උරගා බැලීමක් ද සිදු නොකරයි.

මෙම 20යි 20 තරගය අත්හැර දැමීමත් සමග කණ්ඩායම් දෙකටම ලබන වසරේ පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ 20යි 20 තරග 5 බැගින් පමණයි.

මේ අතර, පළමු 20යි 20 තරගය අත්හැර දැමීමත් සමග ජෙරාල්ඩ් කොට්සී හා මාර්කෝ ජන්සෙන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් මේ වන විට මෙම තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ දෙවැනි 20යි 20 තරගය පමණයි.

අනතුරුව ඔවුන් දෙදෙනා ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් සංචිතයෙන් නිදහස් කිරීමට නියමිතයි.

ඒ අනුව තෙවැනි 20යි 20 තරගය සදහා දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන්නේ දෙවැනි පෙල පන්දු යැවීමේ බලඇණියක් සමගයි.

20යි 20 තරගාවලියේ දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් අගහරුවාදා හා බ්‍රහස්පතින්දා Gqeberha හී දී හා ජොහැනස්බර්ග් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරග දෙක සදහා ද වර්ෂාවෙන් යම් බලපෑමක් එල්ල වීමේ අවධානමක් පවතින බවට කාළගුණ අනාවැකි අනුව පෙනීයනවා.

Leave a comment