Ultimate magazine theme for WordPress.

ඉන්දු – ඔස්ට්‍රේලියා තරග කාලසටහන තහවුරු කෙරේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන අද(28) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ වන්නේ නොවැම්බර් 27 වනදා දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගයත් සමගයි.

එම තරගය සහ දෙවන එක්දින තරගය සිඩ්නි හී දී පැවැත්වෙන අතර, තෙවන එක්දින තරගය කැන්බරාහී දී පැවැත්වෙනු ඇති.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 4 වනදා කැන්බරාහී දී ම පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියට පෙර පුහුණු තරග දෙකක් පැවැත්වෙන අතර, පළමු පුහුණු තරගය දෙසැම්බර් 6 – 8 අතර පැවැත්වෙන බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම පුහුණු තරගය දෙවන හා තෙවන 20යි 20 තරග පැවැත්වෙන දින සමග ගට්ඨනය වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සමග පැවැත්වෙන මෙම පුහුණු තරගය සදහා ඉන්දීය A කණ්ඩායම එක් වන අතර, ඉන්දීය ටෙස්ට් සංචිතයට එක්ව සිටින ක්‍රීඩකයින් රැසක් එම තරගය නියෝජනය කරනු ඇති.

දෙවන තෙදින පුහුණු තරගය දෙසැම්බර් 11 – 13 අතර දිවා රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ.

තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 17 වනදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වනවා.

බොක්සිං දින ටෙස්ට් තරගය 26 වනදා ආරම්භ වන්නේ මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී යි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන නව වසරේ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය ලෙසින් ජනවාරි 7 වනදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම නොවැම්බර් 12 වනදා සිඩ්නි නුවරට ළගා වීමට නියමිත අතර, පසුව දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වීමට නියමිතයි.

එම කාලය තුළ දී පුහුණුවීම් සිදු කිරීම සදහා ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට අවසර ලබා දී තිබෙනවා.

තරග කාලසටහන –

1st ODI: Nov 27, SCG
2nd ODI: Nov 29, SCG
3rd ODI: Dec 2, Canberra

1st T20I: Dec 4, Canberra
2nd T20I: Dec 6, SCG
3rd T20I: Dec 8, SCG

1st Test: Dec 17-21, Adelaide (D/N)
2nd Test: Dec 26-30, MCG
3rd Test: Jan 7-11, SCG
4th Test: Jan 15-19, Gabba

Leave a comment