Ultimate magazine theme for WordPress.

ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට පෙර සීමිත පන්දුවාර තරග 6ක් ?

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සීමිත පන්දුවාර තරගවලින් ආරම්භ වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් දෙරටේ ක්‍රිකට් ආයතන අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබද තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

ඒ අනුව ඇතැම් විට එක්දින සහ 20යි 20 තරග 3 බැගින් මෙන්ම ටෙස්ට් තරග 4ක් ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට ඇතුළත් වීමට ඉඩ තිබෙනවා.

මීට පෙර 20යි 20 තරගාවලිය ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර, ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබුණා.

ටෙස්ට් තරග 4න් පසුව ජනවාරි මාසයේ දී එක්දින තරගාවලිය පැවැත්වීමටයි නියමිත වුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය සහ 20යි 20 ලෝක කුසලානය 2022 වසර දක්වා කල් යාම හේතුවෙන් ඉන්දු – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය දින නියමක් නොමැතිව කල් දැමුණා.

ඒ අනුව එම 20යි 20 තරගාවලිය 2022 වසරේ දී පැවැත්වීම සම්බන්ධයෙනුයි මීට පෙර අවධානය යොමුව තිබුණේ.

නමුත්, අදාළ 20යි 20, එක්දින සහ ටෙස්ට් යන තරගාවලි ත්‍රිත්වයම එළඹෙන තරග සංචාරයේ දී පැවැත්වීමටත්, සීමිත පන්දුවාර තරග පළමුවෙන් පවත්වා පසුව ටෙස්ට් තරග පැවැත්වීම සම්බන්ධයෙනුත් මේ වන විට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment