Ultimate magazine theme for WordPress.

ඉන්දු – එංගලන්ත කාන්තා ටෙස්ට් තරගයට සියල්ල සූදානම්

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(16) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට බ්‍රිස්ටල් හී දී ආරම්භ වීමට නියමිතයි.

මිතාලි රාජ් විසින් මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවන අතර, එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන්නේ හෙදර් නයිට් විසිනුයි.

ඉන්දීය සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා තිබුණේ 2014 වසරේ අගෝස්තු මාසයේ දී යි.

එම තරගයෙන් ඉන්දියාව කඩුලු 6ක ජයක් වාර්තා කළා.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 13ක් පවත්වා ඇති අතර, ඉන් තරග 2ක් ඉන්දීය කාන්තා කණ්ඩායම ද, එක් තරගයක් එංගලන්තය ද ජය ගැනීමට සමත් වුණා.

මෙම තරග සංචාරයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම ටෙස්ට් තරගයට අමතරව එක්දින තරග 3කට සහ 20යි 20 තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment