Ultimate magazine theme for WordPress.

ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු බැංගලෝර් පිලට

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ඉන්දීය හිටපු පිතිකරුවෙකු වූ සංජයි බංගා පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන 2021 තරග වාරය වෙනුවෙන්.

ඒ අනුව ඔහු ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන් සහ පුහුණුකරු සයිමන් කැටිච් සමගින් බැංගලෝර් කණ්ඩායම සමග එක් වනු ඇති.

2014 වසරේ සිට 2019 වසර දක්වා වන කාලය තුළ සංජයි බංගා ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

Leave a comment